
දිනෙන් දින ඇසෙන විවිධ කතා අතර, මේ ඇසෙන ආරංචිය ගැන දැනටමත් බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා ඇති.
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ කතාවක්.
ශ්‍රී ලංකාවේ සිට රෝමය බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යූ.එල් 1213 ගුවන් යානය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පලවන තොරතුරු අසත්‍ය බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.
මෙම ගුවන් ගමන රජයේ අමාත්‍යවරයෙකු මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් සිදුකළ සැලැස්මක් බව සමාජ මාධ්‍යවල තොරතුරු පළ වූ බවයි එම අධිකාරිය සඳහන් කළේ.
එහි සඳහන් අමාත්‍යවරයා දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.
එම අධිකාරිය වැඩිදුරටත් කියා සිටියේ මෙම යානය පිටත්ව ගොස් තිබුණේ යුරෝපයෙන් සහ ඉන් ඔබ්බට, මැදපෙරදිග හරහා ගමන් කිරීමට සැලැසුම් කර තිබූ හා ටිකට් පත් වෙන්කරවා ගෙන සිටි මගීන්ට, ඍජුව රෝමය බලා ගමන් කිරීමට හැකිවන පරිදි සහ යුරෝපය ආශ්‍රීතව රැඳී සිටින සංචාරකයින් හා ශ්‍රී ලාංකික මගීන් මෙරටට ගෙන්වා ගැනීමේ අරමුණ ඇතිව බවයි.